අපගේ නොමිලේ සෞඛ්‍ය වීඩියෝ අප සාදන ආකාරය, ඒ පිටුපස ඇති පිටපත් සහ මූලාශ්‍ර.
අපගේ ඩිජිටල් වෛද්‍ය සම්පත් භාෂා අනුව සකසා ඇත්තේ අපගේ මුල් පිටුවේ සහ සෞඛ්‍ය තොරතුරු පිටුවේ ය. මේ වන විට අපි මෙම සම්පත් භාෂා 19කින් සකස් කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 50කට වැඩි ගණනක මිලියන ගණනක් ජනතාව ඒවා නරඹා ඇත. ඉතා ඉක්මනින් තවත් භාෂා ඇතුළත් කිරීමට අපි සැලසුම් කරමු.
ඩිජිටල් වෛද්‍ය සම්පත් පදනම් වන්නේ, ප්‍රසිද්ධියේ ලබාගත හැකි ජාතික සෞඛ්‍ය සේවය (NHS UK) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මූලාශ්‍රවල තොරතුරු භාවිතයෙන් අප ලියන පිටපතක් මත ය. එක් එක් වීඩියෝවේ පිටපත් සහ මූලාශ්‍ර යොමු පහත සබැඳිවලින් ඔබට සොයාගත හැකිය.
පසුව සාමාන්‍ය පිටපත, සම්පූර්ණයෙන් සුදුසුකම් ලත් අපගේ ස්ථානීය වෛද්‍යවරුන් විසින් පරිවර්තනය කර අනුවර්තනය කරනු ලැබේ. මේ ආකාරයෙන්, ඒවා ළඟා වීමට අදහස් කරන ප්‍රජාවන්ට අදාළ සහ සුදුසු, නිවැරදි ඩිජිටල් වෛද්‍ය සම්පත් නිපදවීමට අපි උත්සාහ කරමු. වෛද්‍ය උපකරණ භාවිතා කරන ආකාරය ස්ථානීය භාෂාවලින් පැහැදිලි කරන උපදේශන වීඩියෝද අපි නිපදවමු.
අපගේ සියලු ඩිජිටල් වෛද්‍ය සම්පත් අපගේ ඩිජිටල් වෛද්‍ය සම්පත් නිෂ්පාදනය සඳහා මාර්ගෝපදේශ සහ ක්‍රියාවලිය (ඉංග්‍රීසියෙන්) පිළිපැදිය යුතු ය. ඊට අමතරව, වෛද්‍ය විශේෂඥ සමිති කවුන්සිලය (CMSS), ජාතික වෛද්‍ය ඇකඩමිය (NAM) සහ WHO විසින් සකස් කර Identifying Credible Sources of Health Information in Social Media: Principles and Attributes (ඉංග්‍රීසියෙන්) හි ප්‍රකාශිත සෞඛ්‍ය තොරතුරු හුවමාරු මූලධර්මවලට අපි අනුගත වන බව තහවුරු කරමු.
එක්සත් රාජධානියේ සාමාන්‍ය වෛද්‍ය කවුන්සිලය විසින් ප්‍රකාශිත වෛද්‍යවරුන් සඳහා වෘත්තීය ප්‍රමිතීන් (ඉංග්‍රීසියෙන්) සහ හොඳ වෛද්‍ය පිළිවෙත (ඉංග්‍රීසියෙන්) මාර්ගෝපදේශද අපි අනුගමනය කරමු. එනම් අපි නිෂ්පාදන හෝ ප්‍රතිකාර ප්‍රවර්ධනය හෝ විකිණීම නොකරමු. කිසිදු ඖෂධ හෝ වෛද්‍ය උපකරණ සමාගමක් සමඟ පෙනෙන හෝ සැබෑ සම්බන්ධයක්ද අපට නැත.
අපගේ ඩිජිටල් වෛද්‍ය සම්පත් ගැන ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම්, කරුණාකර අප අමතන්න.
එක් එක් වීඩියෝ කණ්ඩායම සඳහා පිටපත සහ මූලාශ්‍ර යොමු බාගන්න (PDF).

Cookie compliance notice: We use cookies to optimise your experience on this website and to understand how it is being used. Feel free to deny or manage these cookies. More information can be found in our Privacy and Cookies Policy.